April 27, 2024

මහනුවර මැදවාසල විවෘත කෙරේ

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අගබිසව වූ වෙන්කත රෙංගම්මාල් බිසව වාසය කළ මහනුවර මැදවාසල මධ්‍ය සංස්කෘතික අරමුදල මගින් සංරක්ෂණය කිරීමෙන් අනතුරු ව දින විදෙස් ජනයාගේ ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම අද (05) උසස් අධ්‍යාපන අමාත්‍ය සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

එය නැරඹීම සඳහා විදෙස් සංචාරක ටිකට්පතක මිල ඩොලරයක්වන අතර, දේශීය සංචාරකයෙකු සඳහා රුපියල් 20ක් බවත්, වයස අවුරුදු 12ට අඩු ළමයින් සඳහා රුපියල්10ක්වන අතර පාසල් නිලඇඳුමෙන් පැමිණෙන සියලු සිසුන් සඳහා නොමිලේ එය නැරඹීමට හැකි බව මධ්‍යම සංස්කෘතික අරමුදල දන්වා සිටී.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 March 2016 09:01