April 28, 2024

නව ඉඩම් ඇමති වැඩ බාර ගනී (VIDEO)

නව ඉඩම් අමාත්‍යවරයා ලෙස ජෝන් අමරතුංග මහතා බත්තරමුල්ලේ ඉඩම් අමාත්‍යංශයේදී අද (04) පෙරවරුවේ වැඩ බාර ගත්තේය.

එම අවස්ථාවේ හිටපු අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ අභාවය පිළිබඳ තම කනගාටුව පළ කළ අමරතුංග මහතා කියාසිටියේ තමා පොලීසිය භාර ඇමතිවරයා ලෙස කටයුතු කරන අවස්ථාවේ පොලිසියේ ඇති ප්‍රශ්න ගැන උපදෙස් දී තමා හරි මඟ යැව්වේ එතුමා බවය.

නව ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ඒ මහතා ප්‍රකාශකළේ හැකි ඉක්මනින් ඉඩම් අඟලක් නැති, ඉඩම් අයිතිය නිසිලෙස තහවුරු කර ගැනීමට නොහැකි අහිංසක ජනතාවගේ ප්‍රශ්න විසඳා දීමට තමා කටයුතු කරන බවය.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 04 March 2016 16:02