April 27, 2024

'තමන්ට වැඩ කළ අයට ලිපියක් දීම වරදක් නෑ' - ඇමති කිරිඇල්ල 

පසුගිය ජනාධිපතිවරණ සමයේ වැඩ කරපු කෙනෙක් වෙනුවෙන් සුදුසුකම් බලා රැකියාවක් ලබා ගැනීම සඳහා ලිපියක් ලබාදීම යහපාලනය කඩාකප්පල් කිරීමක් නොවන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ පසුගිය දා පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. 

දේශපාලඥයන් සහ මාධ්‍යවේදීන් අතර සමීප සබඳතාවයක් පවතින බවත් දේශපාලන චරිතයක් වූ විට මාධ්‍යවේදීන් අතර ප්‍රශ්න ඇතිවීම ස්වභාවික සිදුවීමක් බවත් හෙතෙම පෙන්වා දුන්නේ ය.

ඒ පිළිබඳ වැඩිදුර අදහස් දක්වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ "අපේ අදහස් තදින් ප්‍රකාශ කරනවා. ඒක අපේ ස්වභාවය. ඒත් විමල් වීරවංශ මහත්තයට කියන්න කැමතීයි, අපි මාධ්‍යවේදීන් ඝාතනය කරලත් නෑ, මාධ්‍යවේදීන් ගස් බැඳලත් නෑ, සුදු වෑන්වල දාලා අරං ගියෙත් නෑ. ඒ දේවල්වලට උඩගෙඩි දීපු අය තමයි මාධ්‍යවේදීන්ගේ නිදහස ගැන කතා කරන්නේ. මේක මහ විහිළුවක්." බවයි.

මහනුවර - කමල් සුරවීර

 

Rate this item
(0 votes)