April 28, 2024

ගුවන් සේවිකාවකට පසුගිය රජය කළ අමුතු සැළකීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ගුවන් සේවිකාවක් ජනාධිපති කාර්යාලයට අනියුක්ත කර ඇයට හිමිකම් කීමට නොහැකි පියාසර දීමනාවක් ලබා දී තිබෙන බව ජනාධිපති පරීක්ෂණ කොමිසම සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී තිබේ.

එම මුදලින් රුපියල් ලක්ෂ 15ක මුදලක් ශ්‍රී ලංකන් ගුවන් සේවාව ගෙවා තිබෙන බවත් වසර තුනක කාලයක් මුළුල්ලේ රජයේ මුදල් මෙයාකාරයට ඇයට ගෙවා බවත් වාර්තා වේ.

පියාසර දීමනාවක් ගුවන් සේවිකාවකට හිමිවන්නේ ඇය ගුවන්ගත වුණ ගුවන් යානයක සේවය කළහොත් පමණක් බව යි පැවසෙන්නේ.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ලිපියකට අනුව මෙම ගෙවීම් සිදු කර ඇති අතර මෙම ගුවන් සේවිකාව ජනාධිපති කාර්යාලයේ සේවයට බඳවාගෙන ඇත්තේ ප්‍රභූ පවුලක සාමාජිකයකුගේ බලවත් උවමනාවකට අනුව බවත් එම සාමාජිකයා සමඟ සමීපතම සබඳතාවක් ඇයට තිබුණ බවත් පැවසේ.

2015 ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති කාර්යාලයේ සේවයෙන් ඉවත් කළ ඇය වර්තමානයේ ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ගුවන් සේවිකා සුපවයිසර් ධුරයක සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Rate this item
(0 votes)