April 28, 2024

උතුරේ අඩු ආදායම්ලාභීන්ට රෙජිනෝල්ඩ්ගෙන් මුදල් වවුචර 

ශ්‍රවණ හා දෘශ්‍ය ආබාධ ඇති අඩු අදායම්ලාභී පවුල් සඳහා හදවත් සැත්කම් කිරීමටත්, වකුගඩු රෝග සෑදී ඇති අඩු ආදායම්ලාභී පවුල් සඳහාත් මුදල් වවුචර ප්‍රධානය කිරීම උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පසුගිය දා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී සිදු කර තිබේ.

අඩු ආදයම්ලාභී පවුල් 75 කට මුදල් වවුචර ලබාදුන් අතර එහි මුළු වටිනාකම 160,594 කි. මෙම මුදල් දෛනික ජිවිතයේ පිළිසරණක් නොමැති අඩු ආදායම් ලාභී පවුල් 75 දෙනෙකු අතර ඒ ඒ රෝග සඳහා යන වියදම් පියවාගැනීමට ලබා දී ඇත.

රුපියල් 50,000 ක උපරිමයක් සමග මෙම අඩු ආදායම් ලාබී පවුල් සඳහා මුදල් ප්‍රතිපාදන බෙදාදීමට මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුයේ උතුරු පළාත් ආණ්ඩුකාර අරමුදල ය. 

මෙම අවස්ථාව සදහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.විග්නේශ්වරම්, පළාත් ආණ්ඩුකාර ලේකම් එල්.ඉලංගෝවන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන නායකයින් රැසක් සහභාගී වී තිබේ.

 

 

Rate this item
(0 votes)