April 28, 2024

රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීමට Viber එයි 

රාජ්‍ය ආයතනවල කටයුතු කාර්යක්ෂම කිරීම කිරීම සඳහා නව තාක්ෂණික මෘදුකාංගයක් හඳුන්වාදීමට ඉන්දියානු සමාගමක් ඉදිරිපත් වී තිබේ.

මේ වනවිට ලොව පුරා ශීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතින වයිබර් මෘදුකාංගය රාජ්‍ය ආයතනවල භාවිත කිරීමෙන් සන්නිවේදන කටයුතු වඩාත් පුළුල් හා කාර්යක්ෂම සිදු කළ හැකි බව වයිබර් මෘදුකාංගය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට අපේක්ෂා කරන රකුටෙන් ඒසියා සමාගම සඳහන් කරයි.

එම තාක්ෂණය මගින් සිංහල හා දෙමළ භාෂාවලින් කටයුතු කිරීමට හැකිවන අතර ඉතා ඉක්මනින් පණිවිඩ හුවමාරු කර ගැනීමට එය භාවිත කළ හැකි බව ද රකුටෙන් සමාගමේ දකුණු ආසියානු කලාපීය ප්‍රධානී අනුබාව් නායර් මහතා සඳහන් කළේ ය.

අදාල මෘදුකාංගය හඳුන්වාදීම පිළිබඳ ශ්‍රී ලංකා රජයේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන අතර අදාල ව්‍යාපෘතිය  සාර්ථක ව හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ හැකිවනු ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

 

Rate this item
(0 votes)