April 28, 2024

සිංහලෙනුත් Viber

ජපානයේ රකුටෙන් ඒෂියා පෞද්ගලික සමාගම වයිබර් මෘදුකාංගය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

එම සමාගමේ දකුණු ආසියා කලාපයේ ප්‍රධානී අනුබාව් නායර් මහතා ඒ බව මෙසේ කියාසිටියේ ය.

" ඉතා ඉක්මනින් අපේ සමාගමක් ශ්‍රී ලංකාවේ ආරම්භ කරන්න ඕනෑ. සිංහල හා දෙමළ භාෂාවලින් වයිබර් මෘදුකාංගය හඳුන්වාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සිංහල අලුත් අවුරුද්ද, පොංගල් උත්සවය ඔවුන්ගේ අයුරින්ම සමරන්න, හිත මිතුරන්ට සුබ පැතුම් යවන්න අවස්ථාව සලසා දීමේ සිහිනයක් අපිට තියෙනවා. ඒ වගේම අපිට රාජ්‍ය ආයතනය සමඟ කටයුතු කරන්න පුළුවන්. රජයේ බලධාරීන් සමග ද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා."

මේ වනවිට වයිබර් මෙහෙයුම් කාර්යාලයක් ඉන්දියාවේ ඇති බවත් එලෙසම ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති හා එළිදැක්වීමට නියමිත නිෂ්පාදන සාර්ථකවනු ඇති බවත් අලුත් මෘදුකාංග පැමිණිය ද ඒවා වයිබර් මෘදුකාංගයට තර්ජනයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ ය.

Rate this item
(2 votes)
Last modified on Thursday, 03 March 2016 17:32