May 04, 2024

'ඕනෑ ගොනකුට උසස් අධ්‍යාපන ඇමතිකම කරන්න  බෑ' - විමල්ගෙන් සැර කතාවක් (VIDEO)

කිරිඇල්ල මහතා විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් පත් කිරීමට නියෝග නිකුත් කරන ඇමති බවට පත් වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද(02) එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය හමුවක දීය.

‘ඕනෑ ගොනකුට යුද්ධ කරන්නට පුළුවන් යැයි කියූ ලක්ෂ්මන් කිරිඇල්ල උසස් අධ්‍යාපන ඇමැති මේ දවස්වල ඔප්පු කරමින් ඉන්නේ ඕනෑ ගොනකුට උසස් අධ්‍යාපන ඇමැතිකම කරන්නට  බෑ කියා‘ යැයි වීරවංශ මහතා පැවසී ය.

‘අද කිරිඇල්ල මහත්මයා විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් පත් කරන්න නියෝග නිකුත් කරන ඇමති බවට පත් වෙලා තියෙනවා. කැලණිය විශ්ව විද්‍යාලයට එක ලියුමක් යවනවා, ඊට පස්සේ තව ලියුමක් යවනවා රජරට විශ්ව විද්‍යාලයයට. මේ විදියට වයස නොසලකා මෙතුමාගේ ලියුම්වලට ආචාර්යවරුන් බඳවා ගන්නවා. මේ පිළිබඳව මාධ්‍යවේදියකු ඇහුවාම කුණුහරුපයෙන් බැන වදින්න තරම් උද්දච්ච මානසිකත්වයකට කිරිඇල්ල අප්පො පත් වෙලා තියෙනවා.‘ යැයි ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ මේ තුච්ච පහත් ක්‍රියාව හෙළා දකින බව ද ඔහු පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(1 Vote)