May 06, 2024

ත්‍රිරෝද රථ නීති දැඩි වෙයි (VIDEO)

ත්‍රිරෝද රථ ධාවන නීති දැඩි කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

ඒ අනුව ත්‍රිරෝද රථ ධාවනය කරවිය හැකි උපරිම වේගය වන්නේ පැයට කිලෝමීටර් 40කි.

එමෙන්ම ත්‍රිරෝද රථ රියදුරාට අමතරව ප්‍රවාහනය කළ හැකි මගීන් ප්‍රමාණය 3කට සීමා කිරීමට ද පොලීසිය තීරණය කර ඇත.

මේ ආකාරයෙන් ත්‍රිරෝද රථවලට බලපාන පරිදි නීති දැඩි කිරීමට පියවර ගැනීමට ආසන්නතම හේතුව වූයේ බණ්ඩාරගම ප්‍රදේශයේ පසුගිය දා සිදු වූ මාරාන්තික රිය අනතුරවන අතර ඉන් සිව් දෙනෙකුගේ දිවි අහිමි විය.

වීඩියෝව පහතින්.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 02 March 2016 16:02