May 06, 2024

ඇඹිලිපිටිය තරුණයාගේ සිරුර ගොඩගැනීමේ තීන්දුව හෙට

ඇඹිළිපිටියේ සාදයක් අතර තුර දී ඇති වූ ගැටුමින් මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර යළි ගොඩ ගෙන පරීක්ෂණයක් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ නියෝගයක් හෙට (03) ලබාදෙන බව ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද (02) සඳහන් කරයි.

මහේස්ත්‍රාත්වරයා මේ බව පැවසුවේ ඊට අදාළ නඩුව අද (02) දින ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ දී  කැඳ වූ අවස්ථාවේ දී ය.

රත්නපුර මහ රෝහලෙන් ලබා දී ඇති මරණ පරික්ෂණ වාර්තාවේ සහ සාක්ෂි අතර යම් පරස්පරතාවයක් ඇති බවත් එනිසා මියගිය ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර යළි ගොඩ ගෙන කොළඹ අධිකරණ වෛද්‍යවරයා යටතේ නැවත මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි රජයේ නීතීඥවරයා අධිකරණයට පවසා තිබේ.

සැකකාර පොලිස් අධිකාරීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ද ඊට විරෝධතාවයක් නොදැක් විය. ඒ අනුව කරුණු සැලකිල්ලට ගත් ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා සිරුර මිහිදන් කළ ස්ථානයට ආරක්ෂාව සපයන ලෙසත්, මරණය ගොඩ ගෙන නැවත පරීක්ෂණයක් පවත්වන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීන්දුවක් හෙට (03) ලබාදෙන බවත් පැවසී ය.

 

Rate this item
(0 votes)