May 18, 2024

ලාංකික ශ්‍රමිකයෝ ඉතාලියේ දී උපවාසයක

ඉතාලියේ වෙරෝනා නුවර මහා පරිමාණ වෙළෙඳ සංකීර්ණයක සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් එම වෙළෙඳ සංකීර්ණයේ පාලනාධිකාරියේ අත්තනෝමතික තීරණවලට එරෙහි වැඩ වර්ජනයක් හා උපවාසයක් අරම්භ කර ඇති බව ඉතාලි අරංචි මාර්ග සඳහන් කරයි.

කාලයක සිට සේවක කප්පාදුව හා සේවකයන්ගේ දීමනා අඩු කිරීම සම්බන්ධයෙන් පාලනාධිකාරියට කළ ඉල්ලීම් ඉටු නොකිරීම හේතුවෙන් මෙම උපවාසය හා වැඩවර්ජනය අරම්භ කළ බව එම වැඩවර්ජනය මෙහෙයවන ලාංකික ශ්‍රමිකයෙකු පවසා තිබේ.

මාසයක පමණ කාලයක සිට මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන බවත්, එම වෙළෙඳ සංකීර්ණයේ ලාංකික ශ්‍රමිකයන් බහුතරයක් සේවය කරන බවත් ඔවුන් සියලු දෙනා මෙම වැඩවර්ජනයට සහභාගී වී සිටින බවත් වාර්තා වේ.

එම වැඩ වර්ජනය හේතුවෙන් ඔවුන්ගේ භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු විශාල වශයෙන් බිඳ වැටී ඇති බවත් තම ඉල්ලීම් ඉටුවන තුරු හෝ සාධාරණ විසඳුමක් ලබා දෙන තෙක් වැඩ වර්ජනය හා උපවාසය ක්‍රියාත්මක කරන බව උපවාසනරුවෝ පවසන බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 March 2016 12:34