May 18, 2024

ඇමති අකිලට එරෙහිව දූෂණ මර්ධන කාර්යාලයට පැමිණිල්ලක් (VIDEO)

අධ්‍යාපන අමාත්‍යය අකිල විරාජ් කාරියවසම් මහතා තම දේශපාලන උවමනාවන් මත සිදු කරන ලද පත්වීම් ලබාදීමට එරෙහිව ලංකා ගුරු සේවා සංගමය ඊයේ (01) දූෂණ මර්ධන ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වාර්තා වේ.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියාසිටියේ අධ්‍යාපන අමාත්‍යවරයා දිවයින පුරා 2000කට ආසන්න පිරිසකට මෙලෙස පත්වීම් ලබාදී ඇති බවයි.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙම පත්වීම් ලබාදී ඇත්තේ ආයතන සංග්‍රහයට පටහැනිව බවත් විශ්‍රාම වැටුප් ලබාදීමේදී වර්තමාන රජය මූල්‍ය වංචා සිදුකරඇති බවත් ප්‍රකාශකළ ලේකම්වරයා වර්තමාන ආණ්ඩුවෙන් නැවත වරක් දූෂණ, වංචා සිදුවේනම් ඊට එරෙහිව ජනතාව පෙළගැස්වීමට තමන් ඇතුළු පිරිස ක්‍රියාකරන බවත් පැවසීය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 March 2016 11:25