May 18, 2024

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු අග

අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු මස අවසාන සතියේ නිකුත් කිරීමට හැකිවන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

ඉකුත් දෙසැම්බර් මාසයේ දී පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය සඳහා හයලක්ෂ හැටදහසකට ආසන්න ප්‍රමාණයක් විභාගයට පෙනී සිටි අතර එය වැඩිම පිරිසක් සහභාගී වූ විභාගය ද වේ.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මාර්තු මස 05 වැනි දා අවසන්වන බවත් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට සිදුවුව ද ප්‍රතිඵල නිකුත් කිරීම සාමාන්‍ය වසරවල මෙන් මේ වසර තුළදීත් මාර්තු අවසාන සතියේ දී නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ද විභාග කොමසාරිස්වරයා සඳහන් කරයි.

 

Rate this item
(0 votes)