May 18, 2024

තේ කර්මාන්තය අනතුරේ (PHOTOS)

මේ දිනවල මධ්‍යම කඳුකරයේ පවතින දැඩි වියළි කාළගුණ තත්ත්වය හමුවේ තේ ඵලදාව පහත වැටිම නිසා තේ නිෂ්පාදන වියදම ඉහළ යෑම හේතුවෙන් උඩරට තේ කර්මාන්තය පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් ඇති වී ඇති බවත් ලෝක වෙළඳපොලේ තේ කිලෝවක මිල යළි පහළ වැටීමත් නිසා තේ කර්මාන්තය කඩා වැටීමේ අවධානමකට ලක්ව ඇති බව වතු  අධිකාරිවරුන් අවධාරණය කරයි.

තේ මිළදි ගන්නා මැද පෙරදිග රටවල් වල ආර්ථීක තත්ත්වය පහත වැටිමත්, ලංකාවේ තේ වැඩි වශයෙන් මිළදිගත් රුසියාව සහ යුක්රේනය වැනි රටවල ඩොලරයේ අගය  පහත වැටිමක් මෙසේ තේ මිළ පහත වැටිමට බලපා ඇති බව ද ඔවුන් සඳහන් කළේ ය.

තේ ඵලදාව අඩු නිසා වතුකම්කරුවන්ට මාසිකව ලබා දෙන වැටුප අඩුවිම හේතුවෙන් ඔවුන් ද ආර්ථීක වශයෙන් ගැටලූ රැසකට මැදිහත්වි සිටින බවත් තේ කර්මාන්තයේ පවතින මෙවන් අර්බුධ හමුවේ වතු කම්කරුවන් තේ කර්මාන්ත රැකියාවෙන් දිනෙන් දින ඈත්වන නිසා ඉදිරියෙදි තේ කර්මාන්තයට උග්‍ර ශ්‍රම දායකත්වයක් ඇතිවීමේ අවධානමක් මතු වි ඇති බවත් එම වතු අධිකාරිවරුන් වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ ය.

ඡායාරූප පහතින්

රංජිත් රාජපක්ෂ - හැටන්

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 March 2016 17:43