May 18, 2024

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අස්ගිරි මහනායක හමුවෙයි (PHOTOS)

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේමිස් ඩොරිස් මහතා අද (01) මහනුවරට ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි මහානායක හිමියන් හමුවූ බව වාර්තා වේ.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමි, උපාලි හිමි යන අනුනායක හිමිවරුන් හා කාරක සංඝ සභික පුජ්‍ය මැදගම ධමිමානන්ද හිමියන් ද එම අවස්ථාවට සහභාගි විය.

මහානායක හිමියන් බැහැදැකිමට පැමිණි මහ කොමසාරිස්වරයාට ආශිර්වාද පලකරමින් මහානායක හිමියන් සදහන් කලේ බ්‍රිතාන්‍යයත් ශ්‍රී ලංකාවත් අතර සම්බන්ධතාවයන් පිළිබඳව තමන් සතුටු වන බවත් ඒ පිළිබඳව තමාගේ ආශිර්වාදය පළකරන බවත් ය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ කොමසාරිස්වරයා සඳහන් කලේ ජාතින් අතර සංහිදියාව ඇති කරලිම සඳහා ශ්‍රි ලංකාව ගෙනයන වැඩපිලිවෙල පිලිබදව තමන් සතුටු වන බවත් මෙි සදහා ඒ සඳහා මහා බිත්‍රාන්‍යයෙන් අවශය සහය දිමට තමන්ට හැකි බවත් ය.

වැඩිදුරටත් අදහස් දක්වූ මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ නැවත පදිංචි කිරිම් පිලිබඳව සතුටුවිය හැකි බවත් ඒ සඳහා උදව් කිරිමට තමන් කටයුතු කරන බවත් වර්තමානයේ ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන ආකාරය පිලිබඳව සතුටු වියහැකි බවත් ඔවුන්ගේ  භාෂා ඥාණය වර්ධනය කිරිමට කටයුතු කිරිම වැදගත් කරුණක් බවත් දෙරට අතර ආර්ථික සහයෝගිතාවය වෙනුවෙන් ද තම සහය ලබාදෙන බවත් සඳහන් කළේ ය.

ඡායාරූප පහතින්

 

හේරත් ඒකනායක - මහනුවර

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 March 2016 17:25