May 18, 2024

මහින්දට නොපෙනෙන තමන්ට පෙනෙන අනාගතය ගැන ගම්මන්පිල හෙළි කරයි (VIDEO)

අලුත් පක්ෂයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක නොමැති බවත් නව පක්ෂයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ සිටින්නේ ශ්‍රිලනිප සාමාජිකයන් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ අද (01) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිණි.

එහි දී වැඩිදුර අදහස් දක්වන ගම්මන්පිල මහතා "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ වලිගයක් බවට ජනාධිපති සිරිසේන පත් කිරීමෙන් කලකිරීමෙන් සහ අපේක්ෂා භංගත්වයට පත් වූ පිරිස් අලුත් පක්ෂයක් ඕන කියන ව්‍යාපෘතියේ ඉන්නවා. අපි ඉන්නේ අර මිය යමින් වඳ වෙමින් පවතින එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවට අලුත් සංධානයක් ඕන කියලා අලුත් සන්ධානයක් ගොඩ නැගීමේ යෙදී සිටිනවා. අපේ අලුත් සන්ධානය බිහි කිරීම දින නියමයක් නැතුව කල් දාලා තියෙනවා" යනුවෙන් සඳහන් කළේ ය.

එම වීඩියෝව පහතින්,

 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 March 2016 16:51