May 18, 2024

ජනපති විමර්ශන කොමිසමේ ලේකම් ඉවතට 

බරපතළ වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා එම තනතුරෙන් ඉවත් කර තිබේ.

ඒ බව සඳහන් ලිපියක් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව තමන් වෙත ලැබී ඇති බවත් තමා එම තනතුරෙන් ඉවත් කිරීමට හේතුවක් එම ලිපියෙහි දක්වා නොමැති බවත් ලැසිල් ද සිල්වා මහතා පැවසී ය.

පසුගිය ආණ්ඩු සමයේ සිදුවු මහාපරිමාණ වංචා සෙවීම සඳහා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වත්මන් ආණ්ඩුව විසින් පත්කරනු ලැබීය.

පසුගිය වසරේ මාර්තු 03 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ කොමිසම පත් කළ අතර මෙම වසරේ මාර්තු තුන්වැනිදා සිට වසරක කාලයක් සඳහා එම කොමිසමේ කාලය දීර්ඝ කර ඇත.

 

Rate this item
(0 votes)