May 18, 2024

තනතුරු අහිමි කිරීම පිටුපස පැරදුන මන්ත්‍රීවරු - අමුණුගම (VIDEO)

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසනයේ සංවිධායක ධූරයෙන් ඉවත් කළ බවට දැනුම්දීමක් සිදු කර නොමැති බවත් පක්ෂයේ නායකත්වයට නුසුදුසුයි නම් සුදුසු පුද්ගලයින් පත් කිරීමේ අයිතිය පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

මාධ්‍යයෙන් දැන ගැනීමට අවස්ථාව සලසන්නේ නොමැති ව කළ වැරැද්ද කුමක් ද යන්න පැහැදිලි කර ඉවත් කිරීම සිදු කළා නම් හොඳ බව ඔහු පෙන්වා දෙයි.

ඉවත් කිරීමට හේතුව කවරක් ද යන්න තමන් නොදන්නා බව ප්‍රකාශ කරන දිලුම් අමුණුගම මහතා, "පසුගිය කාලේ අපි කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉදිරි මැතිවරණය දිනන්න නම් හිටපු ජනාධිපතිවරයාට, ඔහුගේ පවුලේ පුද්ගලයින්ට සහ රණවිරුවන්ට කරන කෙණෙහිලිකම් නතර කරලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ හොඳ හිත දිනාගෙන අපි මේ මැතිවරණයට යන්න ඕන කියන කාරණය, මට පේන්නේ කාටහරි රිදිලා තියෙන්නේ ඒකයි. හොඳ කියපුවම ඒ අය සංවිධාන ධූරවලින් ඉවත් කරනවා" යනුවෙන් ද සඳහන් කළේ ය.

එම වීඩියෝව පහතින්, 

මහනුවර - හේරත් ඒකනායක

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 March 2016 16:01