May 18, 2024

අද සිට මහනුවරට නව රථ වාහන සැළැස්මක්

මහනුවර නගරයේ පවතින රථ වාහන තදබදයට විසඳුමක් ලෙස මාර්ග කිහිපයක එක් දිශාවකට පමණක් වාහන ධාවනය කිරීමේ පෙරහුරවක් අද (01) පස්වරුවේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අද පස්වරු 03.30 සිට රාත්‍රී 07.30 දක්වා මහනුවර මහ නගර සභාව, පොලීසිය හා මාර්ග සංවර්ධන අධිකාරිය ඒකාබද්ධ ව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

ඒ අනුව විලියම් ගොපල්ලව මාවතේ එක් දිශාවකට පමණක් වාහන ගමන් කරන අතර එය නගරයෙන් පිටවීම සඳහා භාවිතා කිරීමට සැළසුම් කර තිබේ.

මහනුවර නගරය තුළ දෛනික ව දක්නට ලැබෙන රථවාහන තදබදය හේතුවෙන් කාලාන්තරයක සිටම ජනතාව පීඩාවට පත්ව සිටී. මහනුවර දුම්රියපොළ ඉදිරිපිට, පොදු වෙළෙඳපොළ, ඔරලෝසු කණුව සහ බෝගම්බර වැනි ස්ථාන ඒ අතරින් වැඩිම තදබදයක් පවතින ප්‍රදේශ වේ. 

ඇතැම් අවස්ථාවල මහනුවර නගරයේ ගුඩ්ෂෙඩ් බස් නැවතුමෙන් ආරම්භ කරන බස්රථ බස් නැවතුමෙන් පිටවීම සඳහා පැය භාගයක් ගතවන අවස්ථා ද ඇති බව වාර්තා වේ.

නව රථ වාහන සැළැස්ම පිළිබඳ මහනුවර සභාව නිකුත් කළ ලිපිය පහතින්,

 මහනුවර - හේරත් ඒකනායක 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 March 2016 13:11