May 18, 2024

හෝමාගම කලහකාරි සිද්ධිය: සිහල රාවයේ හා රාවණා බලයේ හිමිවරුන්ට ඇප

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී  කලහකාරි ලෙද හැසීරි අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාරගත කර සිටි භික්ෂුන් වහන්සේලා හය නමක් ඇතුළු ගිහියෝ පස් දෙනෙක් ද හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් රුපියල් පන්ලක්ෂය බැගින් වු ශරිර ඇප මත අද (01) මුදා හරිනු ලැබුහ.

රාවණා බලයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, හිටපු මන්ත්‍රී අක්මීමන දයාරත්න,සිහල රාවය සංවිධානයේ ලේකම් මාගල් කන්දේ සුදත්ත හිමිවරු මේ පිරිස අතර වෙති.

භික්ෂුන් පස් දෙනෙකු වෙනුවෙන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්විමට කටයුතු කර තිබූ අතර භික්ෂුන් එකොළොස් නමක්, ගිහියෝ සිව් දෙනෙක් හා එක් කාන්තාවක එම පිරිසට වෙති.

Rate this item
(0 votes)