May 18, 2024

තොන්ඩමන්ට වරෙන්තු

ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ඌව පළාත් සභා වතු යටිතල පහසුකම් අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතාට හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ප්‍රසාද් ලියනගේ මහතා විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

2014 වසරේ එවකට පැවති රජයේ රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා ගමන් ගත් වාහානය ලංකා කම්කරු කොංග්‍රසයේ ඌව පළාතේ සහ මධ්‍යම පළාත් සභාව නියෝජනය කළ සෙන්දිල් තොන්ඩමන්, එම්. රාම්, එස්. සත්තිවේල්, එම්. රෙමිෂ්, එම්. උදය කුමාර් යන මන්ත්‍රීවරුන් විසින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයේ දී හරස් කර බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලීසිය මගින් මෙම මන්ත්‍රීවරුන්ට එරෙහි ව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.

අද (01) එම නඩුව යළි කැඳ වූ අවස්ථාවේ අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බව පවසමින් ඔහු වෙනුවෙන් පෙනි සිටි නීතිඥය එස්. රාම් මුර්ති මහතා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර සිටියේ ය. 

එම නඩුව විභාග වූ කිසිම අවස්ථාවක අදාල සැකකරු මෙම අධිකරණයේ පෙනි නොසිටි බැවින් වරෙන්තු නිකුත් කරන බව එම වෛද්‍ය වාර්තාව ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රිත්වරයා විවෘත අධිකරණයේ දි පැවසී ය.

එම නඩුව යලි 2016 සැප්තැම්බර් මස 06 වැනි දිනට කල් තබා තිබේ.

හැටන් - රංජිත් රාජපක්ෂ 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 March 2016 11:55