May 18, 2024

තාජුඩීන්ගේ ඝාතනයට හිටපු පොලිස් ලොක්කෙක් ලඟදීම අත්අඩංගුවට!

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට අධිකරණයේදී තහවුරු වීමත් සමග පොලිස් පරීක්ෂණ යට ගැසීමටත් සාක්ෂි විනාශ කිරීමටත් කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ලඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම හිටපු පොලිස් ප්‍රධානියාට අමතරව ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානීන් තිදෙනෙකු යුද හමුදා සාමාජිකයින් පිරිසක් හා ප්‍ර‍භූ ප්‍ර‍ත්‍රයෙකුටත් එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පරිවේෂණීය සාක්ෂි මගින් ඔවුන්ට එරෙහි කරුණු තහවුරු වූ පසුව ඔවුන්ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් වාර්තාවේ. 

පසුගිය 2012 වසරේ මැයි මස 17 වැනි දින රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසලදී මෝටර් රථය තුළ පිලිස්සී මිය ගොස් තිබූ අතර පොලිස් පරීක්ෂණවලදී තීරණය වී තිබුණේ මෙම මරණය රිය අනතුරකින් සිදු වූ බවටය.

රගර් ක්‍රීඩකයාගේ ඝාතනයේ සැකකරුවන් සියලු දෙනාම දින 30ක් ඇතුළත අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහාතා පසුගිය 25 වැනිදා  එම ඝාතනය සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී රහස් පොලිසියට නියෝග කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 March 2016 09:02