May 18, 2024

ICC ක්‍රිකට් තරග විකාශන හිමිකම ජාතික රූපවාහිනියට 

මාර්තු 08දා ආරම්භ කෙරෙන T20 ලෝක කුසලාන තරගාවලියේ සිට ඉදිරි වසර 4 පුරා පැවැත්වෙන සියලු ICC ක්‍රිකට් තරග විකාශන හිමිකම ජාතික රූපවාහිනියට සහ අයි නාලිකාව ලබාගෙන තිබේ.

මෙම තරග කාලසටහන ඇතුළත ICC චැම්පියන්ස් කුසලාන, ලෝක කාන්තා ක්‍රිකට් කුසලාන, 19න් පහළ ලෝක ක්‍රිකට් කුසලාන ඇතුළු තරගාවලි රැසක් අයි නාලිකාවෙන් විකාශය කෙරෙනු ඇත. 

2019 එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද මෙයට ඇතුළත් වීම විශේෂත්වයකි.

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ රටවල් 10ක් ගැටෙන තරග 35ක් අයි නාලිකාවෙන් සජීවි ලෙස විකාශය කෙරෙනු ඇත. එම තරග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට සහ පස්වරු 7.30 ට විකාශය කෙරෙන අතර, තරගවලට පූර්වගාමීව විශේෂඥ සාකච්ඡා සහ තරග සමාලෝචනද සජීවී ලෙස ඉදිරිපත් කිරීමටද පියවර ගෙන තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 March 2016 12:58