May 18, 2024

හඳුණා නොගත් අමුතු සතෙක් සිංහරාඡයෙන් මතුවේ (PHOTO)

හඳුනාගත නොහැකි සත්ත්වයෙකු සිංහරාජ වනාන්තරයෙන් හමු වී තිබේ.
වනජීවි අමාත්‍යංශය පවසන්නේ  සිංහරාජ වනාන්තරය ආශ්‍රිත වැද්දාගල සහ පොතුපිටිය අතර පිහිටි පනාපොල කොස්ගුලන ප්‍රදේශයෙන් මෙම සත්ත්වයා හමුව ඇති බව යි.
 
රන් හෝතඹුවා සහ උගුඩුවා වැනි සත්ව විශේෂවලට ආසන්න පෙනුමක් මෙම සත්ත්වයාට තිබෙන නමුත් වලිගයක් නොමැතිකම සහ කහ කළු දුඹුරු පැහැති ලෝම ඇති බැවින්, උගුඩු විශේෂයන්ට වඩා වෙනස් බව තහවුරු කරගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
 
මෙම සත්ත්වයා හඳුණාගත හැකි ගම්මුන් හෝ පුද්ගලයන් සිටීනම් ඔවුන්ගේ සහාය පතන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
සත්වයාගේ බර කිලෝ ග්‍රෑම් 03ක් හා ග්‍රෑම් 300 ක් වන අතර, දිගින් සෙන්ටිමීටර් 60 ක් වේ.
 
ජාන විශ්ලේෂණය කොට මෙම සත්වයා හඳුනා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ද වන ජීවී අමාත්‍යංශය පවසයි.
Rate this item
(1 Vote)
Last modified on Tuesday, 01 March 2016 06:49