May 18, 2024

නොරොච්චෝලේ යථා තත්ත්වයට

February 29, 2016

අඩපණව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදනය යළි ආරම්භ කර ඇති බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා ප්‍රකාශකළේ මේ වන විට බලාගාරයේ එක් යන්ත්‍රයක් මගින් විදුලි උත්පාදනය ආරම්භ කර ඇති බවත් තවත් යන්ත්‍රයක කටයුතු අද (29) දිනයේ ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් ය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ හෙට දිනය වන විට බලාගාරය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති බව ය.

පසුගිය දිනවල කඩින් කඩ විදුලි බලය අත්හිටුවීමට රජය කටයුතුකළේ නොරොච්චෝලේ බලාගාරය අක්‍රියවීම හේතුවෙනි. 

Rate this item
(0 votes)
Last modified on Monday, 29 February 2016 16:32