May 18, 2024

ඉන්දියානු සහය ප‍්‍රශංසනීයයි -රෙජිනෝල්ඩ් කුරේ

February 29, 2016

වර්තමානෙයේ දී ඉන්දියානු රජය විසින් මෙරට දරුවන්ගේ තාක්ෂණික හා විද්‍යාත්මක සංවර්ධනය සඳහා දක්වන සහයෝගය ප‍්‍රශංසනීය බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා මේ බව පැවසූවේ පසුගිය දා යාපනයේ ග‍්‍රීන් ග‍්‍රාස් හෝටලයේදී  පැවති උත්සවයකදීය.

එහිදී අදහස් දැක්වූ රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කළේ,

“වර්තමානෙයේ දී ඉන්දියානු රජය විසින් අප රටේ දරුවන්ගේ තාක්ෂණික හා විද්‍යාත්මක සංවර්ධනය සඳහා දක්වන සහයෝගය ප‍්‍රශංසනීයයි. මාගේ මතයට අනුව විද්‍යාව යනු සත්‍යයයි. කිසිවෙකුට විද්‍යාවේ රීතිවලට හෝ සොයාගැනීම්වලට එරෙහිව තර්ක කිරීමට හෝ අභියෝග කිරීමට නොහැක. ජාති, කුල, වර්ණ ලිංගභේද නොසලකා බැලුවොත් එම රීති එක හා සමානය. නමුත් සංස්කෘතිය, ආගම සහ භාෂාව ගතහොත් එය රටින් රටට වෙනස්ය. නමුත් විද්‍යාවේ රීති  ඕනෑම තැනකට එක හා සමානය.“

“එමෙන්ම තාක්ෂණය යනු කලාවක්ය. අප සංකීර්ණ යැයි සළකන දෙයක් සරල කරන මිල අධික යැයි සළකන යමක් ලාභ කරන කළ නොහැකි යැයි සළකන යමක් කළ හැක්කක් බවට පත් කරන කලාව තාක්ෂණයයි. එනම් විද්‍යාව හා තාක්ෂණය යනු මුළු ලෝකයේම අනාගතය දියුණු කරන මාර්ගයයි. එය එක් රටකට පමණක් සීමා වූවක් නොවේ. 

එබැවින් මාගේ අදහස වන්නේ විද්‍යාව හා තාක්ෂණික දැනුම ලබාදෙමින් අපට අනාගතය සඳහා අලෝකයක් ඉන්දියානු රජය විසින් ලබාදී ඇති බවයි. එම නිසා ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් මාගේ ස්තූතිය ඉන්දියානු රජය වෙත පිරීනැමීමට කැමතියි. මේ අවස්ථාවේ පමණක් නොව ඉතා දුෂ්කර කාලසීමාවේදී පවා ඉන්දියානු රජය විසින් අප ලබාදෙනු ලැබූ සහහෝගයට මා නැවතත් මාගේ ස්තූතිය ප‍්‍රකාශ කිරීමට කැමතියි. “ යැයි රෙජිනෝල්ඞ් කුරේ මහතා පැවසී ය.

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 29 February 2016 17:32