May 18, 2024

මස්කෙළිය රක්ෂිතයේ ගින්නක් (PHOTOS)

February 29, 2016

මස්කෙළිය පොලිස් වසමට අයත් කුඩා මස්කෙළිය ප්‍රදේශයේ රක‍්ෂිතයක අද (29) පස්වරු 1.00 ට පමණ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාළගුණයත් දැඩි සුළං තත්ත්වයත් හමුවේ මෙම රක්ෂිතයේ හටගත් ගින්න සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබේ.‍

රක‍්ෂිතයට යාබදව කුඩා මස්කෙළිය ප්‍රදේශයේ ජනවාස කිහිපයක් ද පිහිටා තිබෙන අතර එම නිවාස වලට ඇද ඇති විදුලි රැහැන් සහ ජලනල පද්ධතියට ද ගින්නෙන් හානි  සිදුවී ඇති බව වාර්තා වේ.

මෙම හදිසි ගින්න නිසා එම රක්ෂිතයේ තිබු ජල මුලාශ්‍ර ද සිඳී යෑමේ අවධානමකට ලක්ව ඇති අතර ගින්න මැඩ පැවැත්විම සදහා මේ වනවිට  ප්‍රදේශවාසින් හා පොලිසිය කටයුතු කරමින් සිටී.

ඡායාරූප පහතින්

රංජිත් රාජපක්ෂ - හැටන්

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 14:44