May 04, 2024

ශ්‍රීලනිප සංවිධායකවරුන් රැසක් ඉවතට - එස්.බීට, මහින්දට, ඉසුරට නව තනතුරු

February 29, 2016

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව දිස්ත්‍රික් සංවිධායකවරුන් සහ ආසන සංවිධායකවරුන් 26 දෙනෙකුට අද (29) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලිපි ලබා දුන්නේය.

ඒ අනුව අමාත්‍ය එස්.බී. දිසානායක මහතාට හේවාහැට ආසන සංවිධායක ධුරයද, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාට පානදුර ආසන සංවිධායක ධූරයද, බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාට මහරගම ආසන සංවිධායක ධුරයද, රංජිත් සෝමවංශ මහතාට අගලවත්ත ආසන සංවිධායකධූරයද, සුමිත් ලාල් මෙන්ඩිස් මහතාට කලුතර සම සංවිධායක ධුරයද මෙහිදි පිරිනමා තිබේ.

 

Rate this item
(0 votes)