May 04, 2024

ඡන්ද දැන්වීම්වලට අලුත් නීති රැසක්

February 29, 2016

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් මෙරට සියලුම පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට, දේශපාලන පක්ෂ නිත්‍ය නියෝජිතයින්ට සහ සියලුම විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය ආයතන වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනමත විචාරණයකදී හෝ ඡන්ද විමසීමකදී මාධ්‍ය හා දේශපාලන පක්ෂ අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග මෙහි අන්තර්ගත කොට තිබේ.‍

එම නිවේදනයට අනුව ජාතික ගීය, ජාතික ධජය, ඓතිහාසික ධජ ඇතුළත් දැන්වීම් කිසිම මැතිවරණයකදී භාවිතා නොකළ යුතු අතර පක්ෂ කණ්ඩායම් හෝ අපේක්ෂක ප්‍රවර්ධනයට මෙන්ම අගතියට හේතු වන පරිදි දැන්වීම් ප්‍රචාරය කිරීම හා විකාශනය කිරීම සපුරා තහනම් වේ.

පළාත් සහ ප්‍රදේශීය ධජ, ආගමික සංකේත, ආගමික ධජ, ආගමික ශාස්තෘවරුන්ගේ හෝ ආගමික නායකයින්ගේ සිතුවම් හෝ ඡායාරූප ඇතුළත් දැන්වීම් ප්‍රචාරය හා විකාශනය කිරීම ද සපුරා තහනම් බව සඳහන් කොට තිබේ.

යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට අවශ්‍යය වන්නාවූ නිර්ණායකයන්, උපමාන හා ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම මාධ්‍ය ආයතන සතු වගකීමක් වන බවත් ඡන්ද බලය ජනතාවගේ මූලික අයිතිවාසිකමක් නිසා එම අයිතිවාසිකම තහවුරු කිරීමට මාධ්‍ය ආයතන කටයුතු කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාපතිවරයා තම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටී.

Rate this item
(1 Vote)