May 04, 2024

කොඩිකාරගේ ධූරයට දේවප්‍රිය

February 29, 2016

කාන්ති කොඩිකාර මහත්මිය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම ආසන සංවිධායක ධුරයට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

වැඩ භාර ගැනීම සඳහා වූ පත්වීම් ලිපිය අද (29) පෙරවරුවේ දී දේවප්‍රිය මහතාට ලබා දීමට නියමිතය.

පසුගිය දා කාන්ති කොඩිකාර මහත්මිය ඇතුළු කණ්ඩායමකට එරෙහිව නිදහස් පක්ෂ නායකත්වය විසින් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කිරීමෙන් පසු ඔවුන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව පිහිටුවනු ලබන පක්ෂයකට පූර්ණ සහයෝගය දෙන බව යි.

Rate this item
(0 votes)