May 05, 2024

ඥණසාර හිමි ආයෙත් කරළියට - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

February 29, 2016

හෝමාගම මහෙස්ත්‍රාත්වරයා විසින් තමාව රිමාන්ඩ් බාරයට පත් කිරීම සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි බව සඳහන් කරමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ. 

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී බැණ තර්ජනය කරන ලදැයි කියන සිද්ධිය අදාළව හෝමාගම මහෙස්ත‍්‍රාත්වරයා විසින් තමා රිමාන්ඩ් බාරයට පත් කිරීම නීතියට පටහැනි බව පවසමින් ගලගොඩඅත්තේ ඥණසාර හිමියන් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත්කොට ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හෝමාගම පොලිසියේ පොලිස් පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා නම් කොට ඇත.

 

Rate this item
(0 votes)