May 22, 2024

ජනපති යළි දිවයිනට

February 28, 2016

සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප‍්‍රතිකාර ලබන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් බැලීමට ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

ඊයේ (27) රාත‍්‍රි 09.10 ට පමණ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණි බව අප වාර්තාකරු පැවසී ය. 

අමාත්‍ය රාජිත සේනරත්න මහතාගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපතිවරයා සිය පවුලේ ඥාතීන් සමග ඊයේ(27) උදෑසන දිවයිනෙන් පිටත්ව ගොස් තිබිණි.   

 

Rate this item
(0 votes)