May 22, 2024

මැදමුලන ඉඩම අදත් හාරයි (PHOTOS)

February 27, 2016

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද රාජපක්ෂ ප්‍රධාන ආරක්ෂකයා වූ මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාගේ මැදමුලන පිහිටි ඉඩමේ අද (27) දෙවන දිනටත් කැණීම් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කිසිවකුටත් එම භූමියට ඇතුළු වීමට ඉඩ නොදී ඊයේ දිනයේ ද පැය 6කට අධික කාලයක් බැකෝ යන්ත්‍ර යොදාගෙන කැණීම් කටයුතු සිදු කළ අතර එම ඉඩමේ රත්‍රන් හා මුදල් සඟවා ඇත්දැයි මෙසේ පරීක්ෂා කරනු ලබයි.

මේජර්වරයා කළා යැයි පැවසෙන වංචා හා දූෂණ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයට හා රහස් පොලිසියට පසුගියදා නියෝග කළ අතර මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා රජයේ හිස් ඉඩම් කිහිපයක් හා නිවාස කිහිපයක් ඔහුගේ නමට හරවාගෙන ඇති බවට  ද මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා තිබේ

එමෙන්ම මග නැගුම වැඩසටහනට අයත් ටිපර් රථ කිහිපයක් ද ඔහුගේ පෞද්ගලික පරිහරණයට යොදාගෙන තිබෙන බවද පැවසේ.

ඡායාරූප පහතින්.

 

Rate this item
(0 votes)