May 21, 2024

ගෙට රිංගූ කොස්තාපල්ට පිහියෙන් අනී

February 27, 2016

මඩකලපුව කොම්මාන්තුරෙයි නිවසකට සිවිල් ඇඳුමින් සැරසී රාත්‍රියේ අනවසරයෙන් ඇතුළු වූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු පිහි පහරකින් තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු එම නිවසට ඇතුළු වූයේ කවර හේතුවක් නිසාවෙන් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.

අනවසරයෙන් නිවසකට ඇතුළුවීමට යෑම හා පොලිස් කොස්තාපල්වරයකුට පිහි පහර දීම සම්බන්ධයෙන් විමර්ශන දෙකක් පැවැත්වෙන බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)