May 06, 2024

සංගාට පාකිස්ථානයෙන් තනතුරක්?

February 26, 2016

සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පාකිස්තානු කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස සම්බන්ධ කර ගැනීමට පාකිස්තානු ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

මෙවර පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ දී සංගක්කාර පිළිබඳ පාකිස්තානු ක්‍රීඩකයින් දැඩි සැලකිල්ලක් දැක් වූ බව පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂර්යාර් ඛාන් මහතා සඳහන් කරයි.

සංගක්කාරගේ ක්‍රිකට් පිළිබඳ දැනුම, සිය ජාතික කණ්ඩායමට එක්කර ගැනීම සඳහා උපරිම ලෙස කටයුතු කරන බව ද ඔහු පවසා ඇත. 

ඒ අනුව ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කුමාර් සංගක්කාර පාකිස්තානු කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත්කර ගැනීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.

සංගක්කාර මෙවර පාකිස්තානු සුපර් ලීග් තරගාවලියට ක්‍රිඩා කළ අතර ඔහු නියෝජනය කළ ග්ලැඩියේඩර්ස් කණ්ඩායම අවසන් මහා තරගයට ද සුදුසුකම් ලබාගෙන තිබේ.

 

Rate this item
(0 votes)