May 07, 2024

මහින්දගේ ප්‍රධාන ආරක්ෂකගේ ඉඩම හාරා හදිසි සෝදිසියක් (PHOTOS)

February 26, 2016

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද රාජපක්ෂ ප්‍රධාන ආරක්ෂකයා වූ මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාගේ මැදමුලන පිහිටි ඉඩමේ ස්ථාන කිහිපයක් බැකෝවකින් හාරා සෝදිසි කෙරෙන බව වාර්තා වේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ භටයෝ 20 දෙනෙක් පමණ මේ වන විටත් එහි රැඳී සිටින බව සඳහන් වන අතර කිසිවකුටත් එම භූමියට ඇතුළු වීමට ඉඩ නොදෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේජර්වරයා කළා යැයි පැවසෙන වංචා හා දූෂණ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයට හා රහස් පොලිසියට පසුගියදා නියෝග කළ අතර ඒ අනුව මේ අකාරයෙන් මුදල්, ස්වර්ණාභරණ සහ ආයුධ තිබේදැයි සෝදිසි කරන බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා රජයේ හිස් ඉඩම් කිහිපයක් හා නිවාස කිහිපයක් ඔහුගේ නමට හරවාගෙන ඇති බවට මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා තිබෙන අතර මග නැගුම වැඩසටහනට අයත් ටිපර් රථ කිහිපයක් ද ඔහුගේ පෞද්ගලික පරිහරණයට යොදාගෙන තිබෙන බවද පැවසේ.

‍තව ද නෙවිල් වන්නිආරච්චි නමින් ට්‍රැක්ටර් 5ක්, ලොරි 2ක්, බස් 7ක් හා මොටර් සයිකලයක් ලියාපදිංචි කර ඇතැයි ද අධිකරණයේ දී අනාවරණය විය.

ඡායාරූප පහතින්

(ඡායාරූප - ලංකාදීප)

40fce634502db813e34bec49e1d5589286f4db0aab80fae06d446630402e29b5

 

a70dc3663393bf3774172db8eb0e1259508fdc12cd9eb67d334866c88d46935f

01-(1)(1)

01-(6)(1)

01-(14)

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 February 2016 06:40