May 06, 2024

මාලිංග සමු ගන්නා ලකුණු!

February 26, 2016

තම ආබාධ තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබීමට හැකි වෙතැයි තමන් විශ්වාස නොකරන බවත් ඒ සමගින් තමන්ගේ අනාගතය කළමනාකරණය කර ගැනීමට උත්සාහ කරන බවත් ශ්‍රී ලංකා 20 - 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (25) පැවැති තරගයෙන් අනතුරු ව පැවති මාධ්‍ය හමුවේ දී මාලිංග මෙම ලෝක කුසලානයෙන් අනතුරු ව 20 - 20 පිටියෙන් සමුගන්නවා ද යනුවෙන් මාධ්‍යෙව්දියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඒ පිළිබඳ අදහස් දක්වන ලසිත් මාලිංග මහතා, "මම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට වසර 12ක පටන් ක්‍රීඩා කරනවා. මට දැන් අවුරුදු 32ක්. මට තිබෙන ආබාධයට විවේකයක් ගන්නත් අමාරුයි. මම වසරක් හෝ දෙකක් විවේක ගත්තොත් ඒක මගේ ක්‍රීඩා දිවියේ අවසානය වේවි. මම හිතන්නේ නෑ මගේ මේ ආබාධය සුව වේවි කියා. එත් මම එක් කළමනාකරණ්‍ය කර ගන්නවා. 

මම දන්නේ කොපමණ කාලයක් මම ක්‍රීඩා කරාවි ද කියා. මගේ උපරිමයෙන් ජාතික කණ්ඩායමට හා ඉන්දීය ප්‍රිමියර් ලීගයට තරග කිරීමට උත්සාහ කරනවා. මගේ උපරිමයෙන් මට පුළුවන් තාක් කාලයක් ක්‍රීඩා කිරීමට තමයි බලන්නේ." යනුවෙන් සඳහන් කළේ ය.

 

Rate this item
(1 Vote)