May 07, 2024

අත්තනගලු ඔයෙන් ත්‍රී රෝද රථයක් මතුවෙයි (VIDEO)

මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම අඩු වීමත් සමඟ ඔය පතුලෙන් මතු වූ ත්‍රී රෝද රථයක් ගම්වැසියන්ගේ මැදිහත්වීමෙන් ගොඩගෙන ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ පැමිණි පුද්ගලයෙකු එය තමාගේ ත්‍රී රෝද රථය බවත් මීට මාසයකට පමණ පෙරදී එය අතුරුදන් වූ නිසා පොලීසිය සමඟ එක්වී සෙවූ නමුත් සොයාගැනීමට නොහැකි වූ බවත් කියා සිටියේ ය.

සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට අදාළ ත්‍රී රෝද රථය ගම්පහ පොලීසියට රැගෙන ගොස් තිබේ.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 February 2016 13:24