May 07, 2024

ආරක‍්ෂක ලේකම් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සංචාරයක

February 24, 2016

ආරක‍්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙටිටිආරචිචි මහතා ඊයේ (23) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සංචාරයක නිරත වී තිබේ.

ආරක‍්ෂක ලේකම්වරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය වෙත පැමිණීමෙන් අනතුරු ව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා, මාණ්ඩලික ප්‍රධානි මේජර් ජේනරාල් ලසන්ත වික්‍රමසූරිය මහතා සහ අධ්‍යක්ෂක ජේනරාල්වරුන් විසින් සුහදව පිළිගෙන ඇත.

එහි දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සංවිධාන ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය පිළිබඳ ආරක‍්ෂක ලේකම්වරයා දැනුවත් කළ අතර අනතුරු ව එම කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරින් ඇමතීම ද ආරක‍්ෂක ලේකම්වරයා විසින් සිදු කර තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 February 2016 09:26