May 03, 2024

භික්ෂූන් අත්අඩංගුවට ගැනීම ගැන ඇමති පාඨලීගෙන් ප්‍ර‍කාශයක්

February 22, 2016

බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිවිල් වරදවල් යටතේ අත්අඩංගුවට ගැනීමේදී එය සිදුකළ යුත්තේ මහානායක හිමිවරුන්ගේ අනුමැතිය යටතේ  බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එසේම භික්ෂූන් වහන්සේලා දිගින් දිගටම රඳවා ගැනීම් සිදුකිරීම නිසා සිවුරේ ගරුත්වයටත්, බෞද්ධ සම්ප්‍රදායේ ඉතිහාසයටත් හානි සිදුවන බැවින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැදිහත්ව ඒ සඳහා යම් විසඳුමක් ලබාදියයුතු බවද ඔහු පැවසී ය.

ඊයේ (21) බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අමත්‍යවරයා මේ බව පැවසීය. 

සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම නිසා බෞද්ධ සමාජයේ  කම්පනයක් ඇති තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(1 Vote)