May 03, 2024

ඇන්ටන් ජෝන්ස් සමුගනී

February 21, 2016

ප්‍රවීණ ගායන ශිල්පී ඇන්ටන් ජෝන්ස් මහතා අද (21) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යන විට 79 වැනි වියෙහි පසු විය.

1950 දශකයේ දී සංගීත දිවියට පිවිසි ඇන්ටන් ජෝන්ස් මහතා එවකට සිදු වූ කාලීන සිද්ධි රැසක් ඇසුරින් නිර්මාණය කළ බයිලා ගීත ගායනය කිරීම මඟින් අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ අතර ඔහු ගැයූ මිනිගවුම, ආසයි බයයි බෝට්ටුවෙ නමයි, ප්‍රේමවතී මනම්පේරි, පොඩි විජේ, සේපාල ඒකනායක වැනි ගීත ඒ අතරින් ප්‍රමුඛ ය.

ඒ මහතාගේ දේහය කවුඩාන දෙහිවල පාරේ පිහිටි නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර ලබන බදාදා ජාතික කලා භවනේ ද තැන්පත් කිරීමට නියමිතව බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 21 February 2016 21:56