May 13, 2024

රාත්‍රී සමාජ ශාලා තහනම: මාලක සිල්වා සාමදානයට කැමති වෙයි

February 19, 2016

හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා රාත්‍රී සමාජ ශාලාවලට නොයා යුතු යැයි පනවා ඇති තහනම ඉවත් කිරීමට නම් දෙපාර්ශවය එකඟත්වයකට පැමිණිය යුතු බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (18) ප්‍රකාශ කළේය.

2014 නොවැම්බර් 01 වැනිදා කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය ජාතිකයකුට පහර දුන්නැයි මාලක සිල්වා රිමාන්ඩ් භාරයේ සිටියේය.

මේ නඩුව සම්බන්ධයෙන් නීතිපති මතය විමසීමට තෙවරක්ම සිහි කැඳවීම් කළ බව මහේස්ත්‍රාත්වරයා කීවේය.

මේ සිද්ධිය සමථයකට පත් කර ගැනීමට මාලක සිල්වා ද කැමැති බව ඔහුගේ නීතිඥවරයා කීවේය. නඩුව අගෝස්තු 25 වැනිදාට කල් තැබිණි.

Rate this item
(0 votes)