May 14, 2024

අවසන් සටනේදී භාර වූ කොටි සාමාජිකයින්ගේ නාම ලේඛනයක් ඉල්ලයි

February 18, 2016

අවසන් යුද සටන් පැවති මුලතිව් වට්ටුවාක්කල් ප්‍රදේශයේදී ආරක්ෂක අංශ වෙතට භාර වූ කොටි සාමාජිකයින් ඇතුලු පිරිසගේ නාම ලේඛනයක් එලඹෙන අප්‍රේල් 19 වැනිදාට අධිකරණය වෙතට ඉදිරිපත් කරන්නැයි මුලතිව් මහෙස්ත්‍රාත් එම්.එස්.එම්.සම්සුධීන් මහතා මුලතිව් 58 සේනාංකයේ  අණදෙන නිලධාරීවරයාට නියෝග කොට ඇත.

මුලතිව් මහෙස්ත්‍රාත්වරයා එසේ නියෝග කොට ඇත්තේ ඊයේ (17) අවසන් යුද්ධයේදී ආරක්ෂක අංශ වෙතට භාර වූ අයගේ ඥාතීන් විසින්  මුලතිවු අධිකරණය හමුවේ ගොනු කොට තිබූ හැබයාස් කෝපස් නඩු කීපයක් විභාගයට ගත් අවස්ථාවේදීය.

අදාල නඩු විභාගයේදී සාක්කි දීමට පැමිණි 58 සේනාංකයේ අණදෙන නිලධාරීවරයා අධිකරණයේදී පවසා ඇත්තේ අවසන් යුද සමයේදී බාරවූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් ඇතුලු පිරිසක්ගේ නාමලේඛනයක්  මුලතිවු යුද හමුදා කදවුරේ ඇති බවටයි.

අදාල ප්‍රකාශය අනුව මුලතිව් මහෙස්ත්‍රාත්වරයා විසින් යුද හමුදා නිලධාරියා වෙතට අදාල භාර වූ අයගේ විස්තර ඇතුලත් නාම ලේඛනය මීලග නඩු වාරය වන අප්‍රේල් මස 19 වනදා ඉදිරිපත් කරන ලෙසට නියෝග ඇත.

මුලතිව් වට්ටුවාක්කල් ප්‍රදේශයේදී පැවති යුද ගැටුම් වලින් තමන්ගේ ඥාතීන් අතුරුදහන් වූවේ යැයි කියමින් වව්නියාව අධිකරණයේදී අදාල නඩු පෙත්සම ගොනුකොට ඇත්තේ පසුගිය 2013 වසරේදීය පසුව වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම නඩුව විභාග කිරීමට මුලතිව් අධිකරණය වෙතට යොමු කරනු ලැබීය.

මෙම හැබයාස් කෝපස් නඩු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ආර්.එස්.රත්නවේල් කියා සිටියේ මුලතිවු යුද හමුදා කදවුර වෙත එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් පිරිසක් බාර වූ බවට රජය හෝ යුද හමුදාව ප්‍රකාශයක් කළ මුල්ම අවස්ථාව මෙය බවයි.

යුද හමුදාවට බාරවූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිළිබදව කිසිදු තොරතුරක් නොමැතිකම නිසා ඔවුන්ගේ ඥාතීන් විසින් මුලතිවු අධිකරණය වෙත හබයාස් කෝපස් නඩු 14ක් ගොනු කොට ඇති බවටත්ය.

කෙසේ වෙතත් යුද හමුදාව සතු අදාල නාම ලේඛනයන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රජයේ නීතිඥවරයා විරෝධය පල කළද මුලතිව් මහේසත්‍රාත් එම්.එස්.එම්.සම්සුධීන් මහතා නියෝග කර සිටියේ මීලග නඩු වාරයේදී එය ඉදිරිපත් කරන ලෙසටය.

 

Rate this item
(0 votes)