May 22, 2024

විජය සැමරූ 'මහින්දට' චන්ද්‍රිකාගෙන් දෝස්මුරයක්

February 16, 2016

විජය වැනි මානව හිතවාදියකු සමරන මහින්ද රාජපක්ෂ මානව හිතවාදී කියන වචනයවත් නොදන්නා බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

විජය කුමාරතුංග 28 වැනි ගුණානුස්මරණය අද (16) කටුනායක, සීදුව 18 කණුව විජය කුමාරතුංග සමාධිය අසල දී පැවැත්විණි.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ජීවන් කුමාරතුංග හා කාලෝ ෆොන්සේකා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සමාධියට පුෂ්පෝපාහාර දැක්වීමක් සිදුකැරිණි.

මහින්ද රාජපක්ෂ මහතාද සිය පාක්ෂිකයන් සමග කොළඹ දී විජය කුමාරතුංග ගුණ සැමරුමක් සංවිධානය කිරීම පිළිබඳව එහිදී චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී විජය වැනි මානව හිතවාදියකු සමරන මහින්ද රාජපක්ෂ මානව හිතවාදී කියන වචනයවත් නොදන්නා බවයි.

ඒ කාලයේ මහින්ද විජය සමග පුළුවන් තරම් රණ්ඩු වූ බවත් ඇය කීවාය.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 16 February 2016 17:51