May 21, 2024

වැලිකඩ හිරගෙදර හොරණට 

February 16, 2016

වැලිකඩ බන්ධනාගාරය කොළඹින් හොරණට ගෙන යාමට රජය තීරණය කර තිබේ.

හොරණ නගරයට නුදුරින් පිහිටි "සොරණවත්ත" ප්‍රදේශයේ අක්කර 28ක රජයේ ඉඩමක් මේ සඳහා වෙන් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරය එම රෝහල හා කර්මාන්ත අංශය එහි ස්ථාපිත කෙරෙනු ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේ ය.

කොළඹ බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය හා බන්ධනාගාර මූලස්ථානය කොළඹ පිහිටි ස්ථානයේ ම වෙනම කොටසක ඉදි කෙරෙන බව වාර්තා වේ.

වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය අක්කර 38 කින් යුක්ත වේ.

Rate this item
(0 votes)