May 22, 2024

හෝමාගම පොලීසියට භාරවූ හිමිවරු රිමාන්ඩ් 

February 15, 2016

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රක්‍ෂිත බන්ධනාගාරගත කළ දින හෝමාගම අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධයෙන් එල්ල වී තිබූ චෝදනා අනුව රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස, අක්‌මීමන දයාරතන, මැදිරිගිරියේ පුඤ්ඤසාර, පස්‌සර නන්දජීව යන හිමිවරුන් හෝමාගම පොලිසියට භාරවී අද (15) උන්වහන්සේලා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (16) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවක්‌ සඳහා ඉදිරිපත් කරන ලෙසත් හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 

අද (15) හෝමාගම පොලිසියට භාරවූ උන්වහන්සේලා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණ.

උන්වහන්සේලා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්‌ථාවේ නීතිඥ උදය ගම්මන්පිල සහ නීතිඥ ජනක වැලිවත්ත යන මහත්වරුන් භික්‍ෂුන් වහන්සේ වෙනුවෙන් අධිකරණය ඉදිරියේ කරුණු දැක්‌වීය.

හෝමාගම පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා පැමිණිල්ල මෙහෙයවනු ලැබීය.

ඥනසාර හිමියන් බන්ධනාගාරගත කෙරුණු දින හෝමාගම අධිකරණය ඉදිරිපිට ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් භික්‍ෂුන් වහන්සේලා දස දෙනකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බව පසුගියදා හෝමාගම පොලිසිය අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

Rate this item
(0 votes)