May 22, 2024

හපුතලේටත් ගුවන් තොටුපළක්

February 16, 2016

හපුතලේ ප්‍රදේශයේ නව අභ්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදිකිරීමට රජය විසින් සැලසුම් කොට ති‍බේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ප්‍රකාශ කරන්නේ සැහැල්ලු ගුවන්යානා ගොඩබෑමට හපුතලේ කොටලාගල සේවුඩ් වතුයායේ මෙම ගුවන්තොටපොළ ඉදිකිරීමට සැලැසුම්කර ඇති බව ය.

සිවිල් ගුවන් සේවා අධිකාරිය කඩනමින් මේ පිළිබඳව ඇති ශක්‍යතා අධ්‍යනයක් ආරම්භ කිරීමට නියමිත ය.

ඇල්ල – බණ්ඩාරවෙල, නුවරඑළිය – බදුල්ල, දියතලාව ප්‍රදේශවල සංචාරයේ යෙදෙන පිරිස් ඉලක්ක කර මෙම ගුවන් තොටුපොළ ඉදිකිරීමට සැලසුම්කර  ඇති අතර මෙහි සැලසුමට අනුව දිගින් කිලෝ මීටර් 1.2 ක් හා මීටර් 75ක් පළල ගුවන් පථයක් හා පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිත බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 February 2016 06:06