May 07, 2024

යෝෂිතට සහය දුන් රග්බි ක්‍රීඩකයින්ට වැඩ වරදී

February 15, 2016

ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව අතර හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ඊයේ (14) පැවති තරඟයේ දී නාවික හමුදා කණ්ඩායමේ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් තම කණ්ඩායමේ හිටපු නායකයාට සහයෝගය දැක්වෙන අත්පටි පැළඳ ක්‍රීඩාකර තිබේ.

මේ සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි මහතා පැවසූවේ යෝ ලෙස සඳහන් අත්පටි පැලඳ ක්‍රීඩා කළ නාවික හමුදා ක්‍රීඩකයින් සම්බන්ධයෙන් පළවී ඇති මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගෙන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි.

යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදා රග්බි කණ්ඩායමේ හිටපු නායකයාවන අතර ඔහුගේ අංකය වී ඇත්තේ 07 යි. 

මෙම තරගයේ ආරම්භයේදීම කණ්ඩායම් දෙක අතර යම් තියුණු තරගයක් පැවතියද ප්‍රතිවාදීන්ට පීඩනයක් එල්ල කළ නාවික හමුදා ක්‍රීඩකයෝ පළමු අර්ධය ලකුණු 15-12 ක් ලෙසින් ඉදිරියෙන් සිටිමින් තරගය නිමාවට පත්කළේය. 

ජයග්‍රාහී නාවික හමුදා ක්‍රීඩකයෝ ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 3 ක් හා එක් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින්ද, පරාජිත යුද හමුදා ක්‍රීඩකයෝ ගෝල දිනුම් 3 ක් හා දඩුවම් පහර තුනක් මගින්ද සිය ලකුණු රැස් කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 February 2016 00:09