May 07, 2024

උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

February 15, 2016

හිමිකම තහවුරු කිරීමට නොහැකි අලි පැටවකු රඳවා ගෙන සිටීම සම්බන්ධයෙන් උඩුවේ ධම්මාලෝක හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා දැනුම්දුන් බව රහස් පොලීසිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දී තිබේ.

වනාන්තරවලින් අල්ලාගත් අලි පැටවුන් හොර රහසේ තබාගෙන සිටින බවට චෝදනා ලැබූ සිද්ධියකට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථථාවේ මේ බව දැනුම් දී ඇති අතර අත්අඩංගුවට ගැනීමට පෙර උන්වහන්සේගෙන් ප්‍රකාශයක් සටහන්කර ගන්නා ලෙසට උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ.

පසුගිය ජනවාරි මාසයේ දී කිරුලපන ඇලන් මැතිනියාරාමයේ ඇත් පැටවකු අනවසරයෙන් තබාගෙන සිටින බවට රහස් පොලීසිය ලද තොරතුරක් මත එම අලිපැටවා අත්අඩංගුවට ගැනුණි.

වයස අවුරුදු 02 ක් පමණ මෙම අලි පැටවා රුපියල් ලක්ෂ 59 ක් පමණ වටිනා බව රහස් පොලීසිය සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 15 February 2016 13:11