May 06, 2024

'දෑවැදි දීම තහනම් කරන්න' - බිමල්

February 15, 2016

විවාහයේ දී දෑවැදි ලබාගැනීමේ ක්‍රමය තහනම් කරන ලෙසත් මෙරට තරුණයන්ගේ රැකියා අහිමි කරන එක්ටා ගිවිසුමට අත්සන් නොකරන ලෙසත් තමන් රජයෙන් ඉල්ලා සිටන බව ජනති විමුක්ති පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශකර තිබේ.

ඒ මහතා මේ බව ප්‍රකාශකළේ සමාජවාදී තරුණ සංගමය විසින් ඊයේ (14) මාතර වෙරළ උද්‍යානයේ 'එන්න ආදරයේ පාට සොයන්න' යන තේමාවෙන් සංවිධානය කර තිබූ වැඩසටහනක දී ය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ, " අපේ රටේ තරුණ තරුණියන් මුහුණදෙන අධ්‍යාපන ප්‍රශ්න, රැකියා ප්‍රශ්න අතරට තියෙන ප්‍රශ්නය තමයි ආදරය කියන එක. මුදල් නොමැතිව කරන්න බැරි විවාහය කියන එක. අතිවිශාල මුදලක් වැය කරලා කරන්න වෙච්ච දෙයක් බවට පත්වෙලා තියෙනවා. අපි 21 සියවස ගැන කතා කරාට අපේ රටේ විශාල වශයෙන් පවතින දෑවැදි ලබාගන්න ක්‍රියාවලිය නිසා විශාල පීඩනයකට අපේ රටේ තරුණ තරුණියන් මුහුණදීලා තියෙනවා.  මේ ආදරවන්තයන්ගෙ දිනයේදි අපි අණ්ඩුවෙන් ඉල්ලන්නෙ දෑවැද්ද තහනම් කරන්න කියලා. මේක ලැජ්ජසහගත දෙයක්. දෑවැදි ක්‍රමය තහනම් කරන්න" ලෙසයි .

Rate this item
(0 votes)
Last modified on Monday, 15 February 2016 11:55